ගිනි පෙට්ටි නිෂ්පාදන කර් මාන්ත ශාලාවේ හටගත් ගින්න පාලනය කෙරේ

ගිනි පෙට්ටි නිෂ්පාදන කර් මාන්ත ශාලාවේ හටගත් ගින්න පාලනය කෙරේ

මහනුවර පල්ලේකැලේ ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න ව්‍යාප්ත වීම මේ වන විට පාලනය කර තිබේ.

ගිනි නිවීමේ නිළධාරින් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින බව මහනුවර ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ය.

ගින්න මැඩපැවැත්වීමට ජල බවුසර් 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ යුද හමුදා සහය ද ලබා ගන්නා ලදි.

ගින්නෙන් කිසිදු ජිවිත හානියක් වාර්තවන්නේ නැහැ.

ඊයේ රාත්‍රියේ පල්ලේකැල් ආයෝජන කලාපයේ පිහිටි ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්න හට ගෙන ඇත.

ගින්න වේගයෙන් ව්‍යාප්තවූ අතර පැය 4ක පමණ දැඩි පරිශ්‍රමයකින් පසු එය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකි වුණි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වන්නේ නැත.

COMMENTS