පාසල් කාලය පැවැත්වීමේ තීරණය වෙනස් කිරීමට 07 වැනිදා දක්වා කල් දෙනවා – ජෝසප් ස්ටාලින්

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වැනිදා දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම තීරණය වෙනස් නොකළහොත්, දෙසැම්බර් පළමු සතිය තුළ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.
එළැඹෙන වසරේ සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා.

