AL උපකාරක පංති පැවැත්වීම 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

AL උපකාරක පංති පැවැත්වීම 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ගමගේ මහත්මිය පැවසුවේ, විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවයි.

අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362 කදී පැවැත්වීමට නියමිතව තිබේ.

COMMENTS