ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි

ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි

බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ.

එමෙන්ම තවදුරටත් එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරනු ඇති බවත් නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවට ලැබී ඇති විශ්වසනීය තොරතුරක් මත මෙම යාත්‍රාව වැටලීම් සිදුකර ඇති අතර එහිදී අදාළ යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඒ අනුව එම යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබීය.

COMMENTS