නොවැම්බර් 21 නුගේගොඩට යනවද ? නැද්ද? රටේ ජනතාව තීරණය කර අවසන්

මඩ, අසූචි කරේ තබාගෙන යන පිරිසක් නොවැම්බර් 21 වැනිදාට රට බේරා ගැනීමට නුගේගොඩට එන ලෙසට ප්‍රකාශ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.
ඒ අනුව, 21 වැනිදා නුගේගොඩට යෑමට අවශ්‍ය ද, නැද්ද යන්න සම්බන්ධයෙන් රටේ පොදු මහජනතාව විසින් තීරණය කර අවසන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.
විපක්ෂයේ කණ්ඩායම් එකතු වී රට බේරා ගැනීමට පැමිණෙන ලෙසට ප්‍රකාශ කරන ඒවා හෝ ඔවුන්ගේ එකතුවීම හෝ කතා කිරීමට තරම් අභියෝග නොවන බව ද ඇය ප්‍රකාශ කළා.
මේ අතර, සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ ඡායාරූපයේ සඳහන් වන්නේ තමා නොවන බවත්, එවැනි මංගල උත්සවයකට තමන් සහභාගි නොවූ බවත්, රට දේශපාලන අගාධයට ඇද දැමූ දේශපාලන නායකයන් ඉදිරියේ තමාගේ පිට කොන්ද නොනැමෙන හා නොනවන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

