වසරකට පසු ඩොලරයේ ඉහළම අගය අද වාර්තා වුණා

වසරකට පසු ඩොලරයේ ඉහළම අගය අද වාර්තා වුණා

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 300.48 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

අද දින ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකයට අනුව ඩොලරයේ ගැනුම් මිල 300.48 ක් ලෙස වාර්තා වී ඇති අතර, විකුණුම් මිල රුපියල් 308 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

COMMENTS