ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යැවීම ග්‍රාෆික දෝෂයක් නිසා මඟ හැරෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2003 වසරේ දී පාකිස්තානය හා එංගලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් විසින් යවන ලද පන්දුවක්.
මෙය වේග මාපකයේ පැයට කිලෝමීටර 161.3ක් හෙවත් පැයට සැතපුම් 100.23 ක් ලෙසින් සටහන්ව තිබුණා.
කෙසේවෙතත් පෙරේදා (19) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගයේ දී ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් යැවූ පළමු පන්දුවම, ඉතිහාසය අලුතෙන් ලියූ පන්දුවක් බවට පත්වුණේ එම පන්දුව යොමුකරන ලද වේගය හේතුවෙන්.
එම පන්දුවේ වේගය සටහන් වූයේ පැයට කිලෝමීටර 176.5ක් හෙවත් පැයට සැතපුම් 109ක වේගයක් ලෙසින්.
කෙසේ නමුත් තරග විකාශකයින් සහ නිෂ්පාදකයින් පසුව පවසා ඇත්තේ මෙය ග්‍රාෆික (graphics) දෝෂයක් බවත්, සැබෑ ලෙසම එම පන්දුවේ වේගය පැයට කිලෝමීටර 140.8ක් (පැයට සැතපුම් 87 ක් පමණ) විය යුතු බවයි.

