‘සුවසැරිය’ සම්බන්ධයෙන් හර් ෂ ගෙන් චෝදනාවක්

‘සුවසැරිය’ ගිලන් රථ සේවාවේ නම, ලාංඡනය මෙන්ම වර්ණය වෙනස් කිරීමට වත්මන් රජය සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරනවා.
පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ලෙස ‘සුවසැරිය’ ක්‍රියාත්මක වන බවත්, එයට නියමිත ලාංඡනයක් ඇති බවත්, රටේ වැඩිපුරම ආදරය කරන සේවාව ‘සුවසැරිය’ වන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සුවසැරිය වෙනස් කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද, 1990 අංකය හා සුවසැරිය ඉවත් කර එහි නිල පැහැයද වෙනස් කිරීමට සූදානම් වන බවද ඔහු සඳහන් කළා.
සුවසැරිය යනු ගිලන් රථ සේවාවක් නොවන අතර, එය පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් බැවින්, එය විනාශ කර නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

