බිලියනපති සමාජයට එක් වූ පළමු පාපන්දු ක්‍රීඩකයා

පාපන්දු ඉතිහාසයේ බිලියනපති සමාජයට එක් වූ පළමු ක්‍රීඩකයා බවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පත්ව ඇත. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ නවතම වාර්තාවේ සඳහන් වන්නේ රොනාල්ඩෝගේ ධනය අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් බිලියන 424ක් පමණ) වන බවයි.
40 හැවිරිදි පෘතුගීසි තරුව දැනට සවුදි අරාබි පාපන්දු සමාජයක් වන අල් නසාර් වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, එහිදී ඔහු පසුගිය ජුනි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික නව කොන්ත්‍රාත්තුවක් අත්සන් කළේය.
ලොව පුරා බලයලත් ව්‍යාපාර සහ මූල්‍ය වාර්තාකරණ අංශයක් වන බ්ලූම්බර්ග් වාර්තා කළේ 2002 සිට 2023 දක්වා කාලය තුළ රොනාල්ඩෝ අමෙරිකානු ඩොලර් මිලියන 550කට වඩා වැටුපක් උපයා ඇති බවයි. ඊට අමතරව, නයික් ආයතනය සමඟ ඔහුගේ දස අවුරුදු කොන්ත්‍රාත්තුවෙන් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 18ක් පමණ එකතු වී ඇති අතර, ආර්මානි, කැස්ට්‍රෝල් සහ වෙනත් වෙළෙඳ නාම සඳහා වෙළෙඳ දැන්වීම් මඟින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 175ක් එක්ව තිබේ.
2023 දී මැන්චෙස්ටර් යුනයිටඩ් සිට සවුදි අරාබියේ අල් නස්ර් සමඟ එක් වීමෙන් පසු රොනාල්ඩෝ පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්විය. ඔහුගේ වාර්ෂික වැටුප පවුම් මිලියන 177ක් පමණ වූ අතර, ඊට අමතරව ප්‍රසාද දීමනා සහ සමාජයේ ආදායමෙන් සියයට 15ක කොටසක් ද විය.

