සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ලංකාවේ සිරි බලන්න ඇවිත්

සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ලංකාවේ සිරි බලන්න ඇවිත්

සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය 31.3% කි.

තවද, එක්සත් රාජධානියෙන් 10,527ක්, ජර්මන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,725,494කි.

ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

COMMENTS