ඉන්දියාවට ලැබුණු බෞද්ධ උරුමය

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට එරෙහිව ඉන්දියාව සිදුකළ බලපෑමන් පසු, එම මැණික් තොගය යළි ඉන්දියාවට ලැබී තිබේ.
1898 වසරේ දී උත්තර් ප්‍රදේශ් හි පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේගේ යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මෙම මැණික් තොගය ඇතුළු ආභරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබීය.
එම මැණික තොගය සොතෙබිස් නම් වෙන්දේසි සමාගමක් විසින් ඉකුත් මාර්තු 7වනදා වෙන්දේසි කිරීමට නියමිතව තිබූ අතර, ඔවුන් එම මැණික් තොගයේ වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි.
කෙසේ වෙතත් එම වෙන්දේසියට එරෙහිව ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය නීතිමය ලිපියක් යොමුකිරීමට පියවර ගත්තේය.
එමෙන්ම ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය ද හොංකොං කොන්සල් ජනරාල්වරයා වෙත දැනුම් දී සිටියේ, අදාළ වෙන්දේසිය වහාම නතර කරන ලෙසය.
තවද එම මැණික් තොගය වෙන්දේසියේ විකිණීම වහාම නතර කර කෞතුක වස්තු නැවත ඉන්දියාවට ලබාදෙන ලෙස ද සොතෙබිස් ආයතනය වෙත අදාල ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබුණි.
ඒ අනුව ඉන්දීය රජයේ එම නීතිමය ක්‍රියාමාර්ගය හමුවේ මෙම බෞද්ධ ආභරණ එකතුව ඉන්දියාව ලැබී ඇත.
මෙම භාණ්ඩ ඉන්දියාවට ලැබී ඇත්තේ වසර 127කට පසු බව සඳහනව්.
මේ සම්බන්ධනේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මැණික් තොගය නැවත ලබාදීමට සිය ස්තූතිය පළ කළේය.
“අපගේ සංස්කෘතික උරුමයට ප්‍රීතිමත් දිනයක් !. එය සෑම ඉන්දියානුවෙකුම ආඩම්බරයට පත් කරනු ඇත” යනුවෙන් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.