රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද (19) රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙම පෙරහැර ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙස සිට පැමිණ, රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

මෙම කාලසීමාව තුළදී මෙම මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

පෙරහැර ගමන් කරන කාලය තුළදී මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගය වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.

විකල්ප මාර්ග

කෑගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහන වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී පරුස්සැල්ල යටියන්තොට මාර්ගයේ ගමන්කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැකිය.

අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හරහා ගෝනගල්දෙනිය නිට්ටඹුව මාර්ගයට පිවිස දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැකිය.

COMMENTS