දේශබන්දු ගැන පත්කළ විමර් ශන කමිටුවේ වාර් තාව ඉදිරි සතියේ කතානායක වෙත

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේ කතානායකවරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ.
එම කමිටුව සඳහන් කළේ, නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරිම අවසන් අදියරේ පවතින බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කල පරීක්ෂණ කමිටුව සාක්ෂි වීමසීම පසුගියදා අවසන් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම කමිටුවේ සභාපති ධුරය දරයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන් එහි සෙසු සමාජිකයින් ය.