තමාගේ මරණයෙන් පසු බිහිවන අනුප්‍රාප්තිකයෙකු සිටින බව දලයි ලාමා කියයි

තමාගේ මරණයෙන් පසු බිහිවන අනුප්‍රාප්තිකයෙකු සිටින බව දලයි ලාමා තුමන් පවසනවා.
ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මරණයෙන් පසු අනාගත දලයි ලාමා කෙනෙකු බිහිවන්නේ ඔහු පිහිටුවා ගත් පදනම තුලින් පමණක් බවයි.
වෙන කිසිවෙකුට එයට මැදිහත් වීමට බලයක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.
ටිබෙට් සම්ප්‍රදායට අනුව, දලයි ලාමාවරුන් මිය ගිය පසු පුනරුත්පත්තිය ලබනවා.
ලාමා තුමන් මේ වනවිට ජීවත් වන්නේ ඉන්දියාවේ ධර්මශාලා නගරයේ යි.
චීනය මීට දශකයකට පමණ පෙර ටිබෙට් දේශය තම රටට ඈඳා ගැනීමත් සමග ටිබෙටයේ විසූ දලයි ලාමා තුමන් පිටුවහල් කරනු ලැබුවා.
ඔහුට මෙම සතියේ දී වයස අවුරුදු 90 සම්පුර්ණ වනවා.
චීන රජය දලයි ලාමා තුමන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා තමන් පමණක් තෝරා ගන්නා බවයි.