දුරකථන ඇමතුමක් ලීක් වීමෙන් තායි අගමැතිනියගේ වැඩ තහනම්

දුරකථන ඇමතුමක් කාන්දු වීම හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග දුරකථනයෙන් සිදුකර ඇතැයි පැවසෙන මෙම සංවාදය මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී ඇත.
කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කළ අතර එම හඬපටය හේතුවෙන් මහජන කෝපයක්ද ඇතිවී තිබේ.
ඒ අනුව ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවත්‍රා වංශයේ ඔවුන්ගේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වූ තුන්වන දේශපාලනඥයා බවට පත්වීමට ඇයට සිදුව තිබේ.
ඇයගෙන් පුරප්පාඩුවන අගමැති ධුරය සඳහා සූරිය ජුන්ග්රුන්ග්රුන්ග්කිට් එරට වැඩබලන අගමැති ධුරය සඳහා පත් කර ඇත.
https://asia.nikkei.com/Politics/Thai-court-suspends-Paetongtarn-Shinawatra-over-leaked-phone-call