ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
ප්‍රහාරත් සමග ගොඩනැගිල්ලක කඩා වැටුනු වීදුරුවක් අතට වැටීමෙන් එම කාන්තාව තුවාල ලබා ඇති අතර තමා ඇයට දුරකථනය ඔස්සේ පෞද්ගලිකවම අමතා සුවදුක් පිළිබඳ විමසා සිටි බව තානාපතිවරයා සඳහන් කළේය.
මේ අතර ප්‍රහාර හේතුවෙන් නිවසක ඇති වූ දෙදරීම් සැලකිල්ලට ගනිමින් ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් වු ප්‍රදේශයක සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද එහි නිවැසියන් සමග ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වී ඇති බව තානාපතිවරයා පැවසීය.