කොටහේනේ දැරියගේ සිදුවීමට ආණ්ඩුවට හෝ අමාත්‍යවරියට අපහාස කිරීම සුදුසු නෑ

අවුරුදු 13 ක දැරියක් තමන්ගේ ජීවිතය අහිමි කර ගැනිමට තිරණයක් ගැනිම යනු සමාජයක් ලෙස අප අසමත් බව යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අප සියලු දෙනාම ඒ සඳහා වගකිව යුතු බවත්, මෙවැනි සිදුවීම් කිසිසේත් යළි සිදු නොවිමට කටයුතු කළ යුතු බවයි අද (08) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.
මෙම සිදුවීමේදී වාර්තාකරණය නිවැරදිව සිදු නොවි ඇති බවද, ඒ සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරියන්ගෙන් ද මේ වන විට නිදහසට කරුණු විමසා ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.
මෙවැනි සිද්ධියක් සිදුවූ වහාම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලීසිය එක් කර ගනිමින් යාන්ත්‍රණයක් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවද ඇය ප්‍රකාශ කළා.
වැරැද්දක් සිදුව ඇති බව සියලුදෙනාම පිළිගන්නා බවත්, දරුවා නොමැති වුවද එම පවුලේ මව, පියා සහ තවත් දියණියක් සිටින බවත්, ඔවුන් සියලු දෙනා ගැනද සිතිය යුතු බවත් අගමැතිවරිය සඳහන් කළා.
මෙම සිදුවීම යොදා ගනිමින් ආණ්ඩුවට හෝ අමාත්‍යවරියට අපහාස කිරීමට කටයුතු කිරීම සුදුසු නොවන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.