සිය පාලනය කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා – අනුර

රට යළි බෙදීමට හෝ ගැටුම් ඇති කිරීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
රාජ්‍ය සේවයට අලුතින් 30,000 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එයින් අලුතින් ගන්නා 2000 තුළින් 500 ක දෙමළ කතා කරන පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි මන්නාරම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
ක්‍රීඩාව තුළ රට එක්විය යුතු බවත් සිය පාලනය කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන බවත් එය නැරඹීමට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා එකතුවී ලංකා කණ්ඩායම දිනවීමට අත්පුඩි ගසන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එසේම ඔක්තෝබර් මාසයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම එක්වී ජාතික උත්සවය සැමරිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.