ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි,හොඳම නිළිය මිකී මැඩිසන්

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි,හොඳම නිළිය මිකී මැඩිසන්

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය අනෝරා චිත්‍රපටය දිනාගත්තා.

එමෙන්ම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇඩ්‍රියන් බ්‍රෝඩි දිනා ගත් අතර, හොඳම නිළියට හිමි සම්මානය මිකී මැඩිසන් දිනාගත්තා.

හොඳම අධ්‍යක්ෂවරයා ලෙස අනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් සම්මානයට පාත්‍ර වුණා.

හොලිවුඩයේ ඩොල්බි රඟහලේයි සම්මාන උළෙල පැවැත්වෙන්නේ.

එහි ඉදිරිපත්කරන්නා ලෙස මෙවර ප්‍රථම වරට කටයුතු කරන්නේ ප්‍රකට ඉදිරිපත්කරන්නෙකු වන කොනන් ඕ’බ්‍රයන් විසින්.

හොඳම චිත්‍රපටය සඳහා චිත්‍රපට 10 ක් ඉදිරිපත් කර තිබුණා.

සෝ සල්ඩානා චිත්‍රපටය වෙනුවෙන් එමිලියා පෙරෙස්ස හොඳම සහය නිළිය ලෙස සම්මාන දිනා ගත්තා.

කියරන් කල්කින් හොඳම සහය නළුවා ලෙස නම් කෙරුණා.

හොඳම තිර රචනය සහ හොඳම චිත්‍රපට සංස්කරණය සඳහා ද අනෝරා සම්මාන දෙකක් දිනා ගත්තා.

COMMENTS