කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20ක්

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදීයි.
මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම සීඝ්රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20 ක් ද එකතු කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.