බස්නාහිර හැර ඕනෑම පළාතක වාහන ආදායම් බලපත්‍ර දකුණු පළාතෙන් නිකුත් කෙරේ

බස්නාහිර හැර ඕනෑම පළාතක වාහන ආදායම් බලපත්‍ර දකුණු පළාතෙන් නිකුත් කෙරේ

ඉ – ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය මගින් මෙතෙක් ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පැවතියේ අදාළ පළාතේ ලියාපදිංචි වාහන සඳහා පමණයි.

නමුත් අද සිට බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන හැර වෙනත් ඕනෑම පළාතක වාහන සඳහා (ඔමිනි බස් හැර) ආදායම් බලපත්‍රය දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ දකුණු පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් දකුණු පළාතෙන් ලබා ගැනිමේ දී බලපත්‍ර ගාස්තුවට අමතරව රුපියල් 100ක ගාස්තුවක් අය කරන බවයි දකුණු පළාතේ ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් පවසා සිටියේ.