උසස් පෙළ සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවෙයි

උසස් පෙළ සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවෙයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙකු සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

ඔහු පවසන්නේ එම දරුවන්ට අවශ්‍ය නම් නැවත වරක් උසස්පෙළ හැදෑරිමට හැකි බවත් මීට අමතරව නිපුනතා සහ කුසලතා අනුව කටයුතු කිරීමටත් හැකියාව ඇති බවයි.

එමෙන්ම කිසියම් දරුවෙකු විශයන් තුනම අසමත් වුවත් එම දරුවාට උසස් පෙළ වෙනුවට ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිමට අවස්ථාව ඇති බවත් එම ඩිප්ලෝමාව පදනම් කරගනිමින් උපාධියක් ලබා ගැනීමේ හැකියාවද ඇති බවය ඔහු ප්‍රකාශ කළේ.

වර්ථමානය වනවිට ලෝකයේ එවැනි අවස්ථාවලින් බිහිවූ අද්විතීය පුද්ගලයන් ඕනෑ තරම් සිටින බවත් අතීතය කොතරම් අසමත් වුවද ඒවා ඔහුට උරුම වූ දෙයක් නොවන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනු ලැබුවේ.

COMMENTS