ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148ක් මිය ගිහින්

ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148ක් මිය ගිහින්

ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ.

එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී ඇති යෝජනාවන් නොතකා ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

https://tinyurl.com/2u6fxnt6

COMMENTS