කුමාර ධර්මසේනට නොතීසි

කුමාර ධර්මසේනට නොතීසි

නාරාහේන්පිට පිහිටි පර්චස් 82 කට අධික විශාලත්වයෙන් යුත් ඉඩමකට සහ එහි පිහිටි නිවසකට අයුතු ලෙස ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 12 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන සහ‍ ඔහුගේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 12 දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ නොතීසි නිකුත් කළා.

ඒ වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු නාරාහේන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහි දී මහේස්ත්‍රාත්වරයා නාරහේන්පිට පොලිසියටද නියෝග කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසයි.

COMMENTS