බිත්තර හා කුකුළුමස් මිල ඉහළ යාමට හේතුවක් නෑ – ඇමති අමරවීර

මේ වන විට සත්ව ආහාරවල හා ඇතැම් සත්ව ඖෂධවල මිල අඩුකර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ අනුව බිත්තර හා කුකුළුමස් මිල ඉහළ යාමට හේතුවක් නැති බවයි ගැටඹේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 85ක් ආනයනය කර තිබෙනවා. ලබන දෙසැම්බර් මාසය වන විට තවත් බිත්තර ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවනවා.
ඉන් අනතුරුව අපේ රටට කිසිදු ආකාරයකින් කුකුළු මස් හෝ බිත්තර ගෙන ඒමේ අවශ්‍යතාවක් නැති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේ.