ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන නිර්දේශයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන නිර්දේශයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව්වීමට ඇති හැකියාව හේතුවෙන් බවද එහි දැක්වෙයි.

මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ රවුෆ් හකීම් පත් කර තිබේ.

COMMENTS