පළාත් කිහිපයකට විටින් විට තද වැසි

පළාත් කිහිපයකට විටින් විට තද වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් අද දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද නිවේදනයට අනුව සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙනවා.

එම නිවේදනයේ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS