මේ මාසේ එළවළු ගණන් උස්සයි

මේ මාසේ එළවළු ගණන් උස්සයි

මේ මස අවසන් වනතෙක් එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

මේ වන විට බෝංචි, කැරට්, ලීක්ස්, බීට්රූට්, නෝකෝල්, මාළුමිරිස් සහ කරවිල ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 250 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තොග මිල මෙලෙස සටහන් වුවද සිල්ලර වෙළදපොළේ මිල ගණන් ඊට හාත්පසින් වෙනස් අගයක් ගන්නවා. ඇතැම් ප්‍රදේශවල එළවළු කිලෝවක් රුපියල් 250ක මිලකට අලෙවි වන බවයි වාර්තා වෙන්නේ.