නිවාස ව්‍යාපෘති 09 ක ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

නිවාස ව්‍යාපෘති 09 ක ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැළපෙන පරිදි නිවාස ව්‍යාපෘති 09 ක් ඉදිකිරීම කඩිනම් කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ නිවාස ව්‍යාපෘතිය 2020 වසරේදී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 10,430 ක මුදලක් වැයකර ඇති බව සඳහන්.

පැවති ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ එම නිවාස ව්‍යාපෘති අතරමඟ නතරවීම හේතුවෙන් එය කඩිනම් කිරීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

COMMENTS