දූෂණ විරෝධි පනත් කෙටුම්පත විවාදයට ගැනීම මේ මස 21දා

දූෂණ විරෝධි පනත් කෙටුම්පත විවාදයට ගැනීම මේ මස 21දා

දූෂණ විරෝධි පනත් කෙටුම්පත මේ මස 21 වැනිදා විවාදයට ගැනීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකුල නොවන බව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදී ඇති අයුරින් සංශෝධනය විය යුතු බවද කථානායකවරයා එහිදි අවධාරණව කළා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා විවාදයට ගැනීමටද අද රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ දි තීරණය කර තිබෙනවා.

COMMENTS