පෙර පාසලේ සිටම විනයගරුක දරුවෙකු බිහි කිරීම ඇරඹිය යුතුයි

පෙර පාසලේ සිටම විනයගරුක දරුවෙකු බිහි කිරීම ඇරඹිය යුතුයි

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය ඒ වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

අනිසි තරගයකින් තොරව අන්‍යෝන්‍ය ගරුත්වයක් සහිතව කටයුතු කිරීමට පාසලේ දී සිසුන් ලබන ශික්ෂණය, ඉදිරි සමාජ ප්‍රගමනයට මනා අඩිතාලමක් වන අතර ඒ සඳහා විදුහල්පතිවරයකු පාසල තුළ ප්‍රකට කරන නායකත්වය ප්‍රමුඛ දායකත්වයක් සපයන බවත් විශේෂයෙන් ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මනා පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන්ද ඊට නොමඳ පිටුබලයක් ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේදී ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.