ඇෆ්ගන් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුපිරි රාත්‍රී භෝජනයක් (Video)

ඇෆ්ගන් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුපිරි රාත්‍රී භෝජනයක් (Video)

ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේදී සුවිශේෂී ආහාරයක් සැකසීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩකයින් වන Rashid Khan සහ Yamin Ahmadzai විසින් මෙම ආහාරය පිළියෙළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම එම අවස්ථාවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න ද සහභාගී වී තිබෙනවා.

මෙලෙස රාත්‍රී භෝජනය ලෙස පිළියෙළ කළ එම සුවිශේෂී ආහාරය ඔවුන් හඳුන්වන්නේ “Shinwari Rosh” ලෙසයි.

මෙම අවස්ථාව දැක්වෙන වීඩියෝව ද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිය නිල යූ ටියුබ් නාලිකාවට මෙලෙස එක්කර තිබුණ.