සිංගප්පුරුවෙත් ජිවන වියදම ඉහළට

සිංගප්පුරුවෙත් ජිවන වියදම ඉහළට

වැඩිවන ජීවන වියදම හේතුවෙන් බොහෝ සිංගප්පුරුවැසියන් මැලේසියාව හා අසල්වැසි වියට්නාමය වෙත සංක්‍රමණය වීම අරඹා තිබෙනවා.

මේ වන විට සිංගප්පුරුවේ ජීවන වියදම මීට වසර කිහිපයකට පෙර තිබු මට්ටම මෙන් දෙගුණයක් වී තිබෙනවා.

පසුගිය වසරේ පමණක් ජීවන වියදමේ වැඩි වීම 22%ක් ඇතැම් පිරිස් සිංගප්පුරුවට පැමිණි කාලයේ දෛනික ප්‍රවාහන ගාස්තු ලෙස ඩොලර් 14ක් වියදම් කළ අතර මේ වන විට එය ඩොලර් 25 / 26 මට්ටම දක්වා වැඩි වී තිබෙනවා.

ඒ හේතුවෙන් ජීවත් වීමට සුදුසු ක්වාලාලම්පූර් හා හෝචිමින් නගර වෙත බොහෝ පිරිසක් සංක්‍රමණය වීම දැකගත හැකියි. මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් වැඩිවිය හැකි බවයි වාර්තා වන්නේ.

https://shorturl.at/dnNU2