ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරඟය හෙට

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරඟය හෙට

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරඟය හෙට (07) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු කණ්ඩායම් දෙක අතර ආරම්භ විමට නියමිතයි.

හෙට ආරම්භ වන තරගය ජයගන්නා කණ්ඩායම පිළිබඳව හිටපු සුපිරි ක්‍රිකට් තරු කිහිපයක් පළකළ අනාවැකි වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අවසන් තරගය ගැන මෙලෙස අනාවැකි පළකර ඇත්තේ රිකී පොන්ටින්, රවී ශාස්ත්‍රී, වසීම් අක්‍රම්, ඉයන් බෙල්, රොස් ටේලර් යන ක්‍රීඩකයින් විසින්.

ඔස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩක රිකී පොන්ටින්, පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ නවසීලන්ත හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර් පවසා ඇත්තේ ටෙස්ට් ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාව ජයගන්නා බව‍යි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක රවී ශාස්ත්‍රී එහිදී අනාවැකි පළකර ඇත්තේ තරගයේ ප්‍රථමයෙන් ඉදිරියට එන කණ්ඩායමට වැඩි වාසි අත්විය හැකි බවත්, එංගලන්ත හිටපු සුපිරි ක්‍රීඩක ඉයන් බෙල් පවසා ඇත්තේ පන්දුවට හොඳින් පහරදෙන කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත්විය හැකි බවත් යනුවෙනි.