ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීමට අනුමැතිය

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීමට අනුමැතිය

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එය ලබන 15 වැනිදා සිට බලාත්මක වන අතර මාස තුනකට වරක් ඖෂධ මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.

මේ අතර දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට හැකිවන ආකාරයේ එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

COMMENTS