ඕස්ට්‍රේලියාවේ බර ඉසිලීමේ ජාතික තරඟාවලියේ දී ‘පෝල්’ පළමු තැනට

ඕස්ට්‍රේලියාවේ බර ඉසිලීමේ ජාතික තරඟාවලියේ දී ‘පෝල්’ පළමු තැනට

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවති බර ඉසිලීමේ ඕස්ට්‍රේලියා ජාතික තරඟාවලියෙන් 5 වන වරටත් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ලංකාවේ රුවන් පෝල් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබී අතර 2023 ඔක්තෝම්බර් මසයේ පැවැත්වෙන ලෝක තරඟාවලියට සුදුසුකම් ලැබීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ලෝක බර ඉසිලීමේ තරඟාවලිය ඉතාලිවල පැවැත්වීමට නියමිතයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි අදහසක්.

”අපේ රටේ යෝධයෝ හිටපු රටක්. ඒ පරපු‍රේ බර ඉසිලීමේ ඉසව්වලට සමත්කම් තියන අය අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ අය ගම්වල ගැන්ගිලා ඉන්නේ. අපි මේ යෝධයෝ සොයායන ගමන කියලා වැඩසටහනක් ආරම්භ කරනවා. දැන් අපේ ලමයින්ට කියන්න තියෙන්නේ මං ලොකු ගමනක් ආවා අතාරින්නේ නෑ. target වලට යන්න ඕනෙනේ. පරක්කු වෙන්න පුලුවන්. හැබැයි කවදාහරි යනවා. මම මේ බර උසුලන ළමයින්ට කියන්නේ. මේකේ ඩිසිපිලීන් තියනවා ඒක හදාගත්තේ නැත්තම් මේක කරන්න අමාරුයි. තව මස තුනකින් අපේ programme එක පටන් ගන්නවා. හරියටම මේ ක්‍රීඩාවට දක්ෂ ළමයි අපිට ඕනේ. මේක තමන්ම කරන්න ඕනේ ක්‍රීඩාවක්. දක්ෂම ළමයි අරන් මම මේ ගමන යනවා. එහෙම අය ඉන්නවා නම් මට කතා කරන්න. මං ඒ අයට උදව් කරනවා. මං ඔයාලට උදව් කරන්නම් කොහොමද මේක කරන්නේ කියලා. මොන දේ තිබ්බත් අපි අපේ වැඩේ කරන්න ඕනේ. නැත්නම් අපිම තමා පැරදි. මම අවුරුදු 54ක් වෙලත් මෙහෙම ඉන්නවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ලංකාවේ ළමයින්ට ගොඩක් දේවල් දෙන්න මං බලාපොරොත්තුවෙන් ඉන්නවා. වෙන රටවල්වලත් ඔයාලට උදව් කරන්න බලාපොරොත්තුවෙන් අය ඉන්නවා. 2025 වෙද්දී මේ තරඟවලට ලංකාවට වෙන රවට ඉන්න අය එනවා. ඒක රටටත් හොඳයි. විදේශ විනිමය ගේනවා. මට ඕනේ අපේ රටේ ඉන්න දක්ෂ ළමයින්ට උදව් කරන්න” යනුවෙන්