අද ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

අද ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

අද (05) බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ම්.මි. 75ක පමණ තරමක වැසි ද ඇති විය හැකි බවයි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වෙන අතර ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් සඳහන්.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.ම්.. 40-45ක පමණ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලිම් තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS