නාය යෑමේ අවදානමක්

නාය යෑමේ අවදානමක්

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය ම්.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ අවදානම පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුව හොත් ආරක්ෂාකාරී තැනකට යෑමට සූදානම් වන ලෙසයි.

එම ආයතනය විසින් නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇත්තේ කළුහර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රදේශයි.

COMMENTS