පළාත් කිහිපයකට තද වැසි

පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ පවතින බව සඳහන්.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS