පළමු එක්දින තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

පළමු එක්දින තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 268 ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 91 ක් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 51 යි.

ලකුණු 269 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 5 කදී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

එහිදී ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 98 ක් රැස් කළ අතර රහමඩ් ෂා ලකුණු 55 ක් රැස් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 49 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා.