ගුරු මාරු ලිපි ලැබී ඇති ගුරුවරුන්ට නිවේදනයක්

ගුරු මාරු ලිපි ලැබී ඇති ගුරුවරුන්ට නිවේදනයක්

2021.12.31 දිනට සේවා කාලය සම්පූර්ණ කරන ලද, ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් 2023.06.12 දින වන විට තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ගුරුවරයකු සිටී නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු අදාළ පාසලේ විදුහල්පති මඟින් තමන්ගේ අභියාචනය ගුරු මාරු අංශයට යොමු කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් සඳහන් වෙනවා.

අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනු ලබනවා.