රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ළමුන් දෙදෙනෙක් මරුට

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ළමුන් දෙදෙනෙක් මරුට

යුක්‍රේනයේ කියෙව් වෙත රාත්‍රී කාලයේ එල්ල වී ඇති මිසයිල ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු සහ වැඩිහිටි අයෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසනවා .

රුසියාව යුක්‍රේන අගනුවරට මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර නැගෙනහිර Desnyanskyi සහ Dniprovskyi දිස්ත්‍රික්කවලටද නවතම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මිය ගිය දරුවන් දෙදෙනා Desnyanskyi දිස්ත්‍රික්කයේ වන බවත් එක් දරුවෙකු වයස අවුරුදු 5- 6ත් අතර වන බවත් අනෙක් දරුවා 12- 13 ත් අතර වයස්වල පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

https://shorturl.at/wCILM