මතීෂ හෙට තරඟ බිමට

මතීෂ හෙට තරඟ බිමට

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරඟය හෙට (02) හම්බන්තොට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරඟය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

දෙරට අතර එක්දින තරඟාවලිය ජුලි මස 02 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දිවා තරගයක් ලෙසින් පෙ.ව. 10.00 ට ආරම්භ කරන බවද වාර්තා වී තිබෙනවා.

මෙම තරඟාවලියේ දෙවැනි තරඟය ජුලි 04 වැනිදා සහ තෙවැන්න ජුලි 07 වැනිදාත් හම්බන්තොටදී පැවැත්‌වීමට නියමිතයි.