ආගම් විකෘති කිරීම වැළැක්වීමට නව පනතක්

ආගම් විකෘති කිරීම වැළැක්වීමට නව පනතක්

ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බවයි.

මේ අතර, ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අද (29) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.

උන්වහන්සේ ඊයේ (28) රාත්‍රියේ අනුරාධපුර ශ්‍රාවස්ත්‍රීපුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

COMMENTS