IMF පළමු සමාලෝචනය සැප්තැම්බරයේ

IMF පළමු සමාලෝචනය සැප්තැම්බරයේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ප්‍රකාශ කළා.

පසුගිය 11 වනදා මෙරටට පැමිණි පීටර් බෲවර් සහ මසහීරෝ නොසාකි ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද සිය සංචාරය නිම කරමින් මේ බව ප්‍රකාශ කර තිබුණා.

මෙරට ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නියෝජිතයින්, විපක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධන නියෝජිතයින්, වෘත්තිකයන්, සමඟ අදහස් හුවමාරු කරගනු ලැබුවා.

ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.