මිහින්තලේ හිමියන් දැඩි තීරණයක

මිහින්තලේ හිමියන් දැඩි තීරණයක

පොසොන් උත්සවය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා පිණ්ඩපාතයේ වැඩම කර ඉතිරි මුදල සොයා ගැනීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

ඊයේ (23) මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

පොසොන් උත්සවය සඳහා රජය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම පිළිබඳව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඉකුත් ඉරිදා සිය අප්‍රසාදය පළකර සිටියේය.

ඒ, උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිත්.යූ.ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරුන් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර පොසොන් උත්සවයේදී මිහින්තලා පුදබිම වෙනුවෙන් පමණක් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 31ක් මේ වන විට නිකුත් කර ඇති බවය.