දයාසිරිට එරෙහිව පොලිස් පරීක්ෂණයක්

දයාසිරිට එරෙහිව පොලිස් පරීක්ෂණයක්

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඒ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවයි.

BMICHහිදී පැවති උත්සවයක් අතරතුර මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ සේවයේ නිරත අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.