ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ලංකාවට තීරණාත්මක තරඟ කිහිපයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ලංකාවට තීරණාත්මක තරඟ කිහිපයක්

සිම්බාබ්වේ හි ජූනි 18 වනදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවල තරග සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කර තිබේ.

එහිදී කණ්ඩායම් 10ක් “A” සහ “B” වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා තරගවදින අතර ඉන් කණ්ඩායම් 6ක් “සුපර් සික්ස්” වටයට සුදුසුකම් ලබයි.

ඉන් කණ්ඩායම් 4ක් “play off” වටයට තේරෙන අතර එහිදී ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබයි.

A කාණ්ඩය

බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය සහ අමෙරිකාව

B කාණ්ඩය

ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ශ්‍රී ලංකාවේ තරග සටහන මෙසේය…

ජූනි 19 – එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජූනි 23 – ඕමානය
ජූනි 25 – අයර්ලන්තය
ජූනි 27 – ස්කොට්ලන්තය

COMMENTS