අභ්‍යවකාශයට ගිය පළමු සෞදි කත

අභ්‍යවකාශයට ගිය පළමු සෞදි කත

ලොව පළමු වරට සෞදි ජාතික කාන්තාවක් රැගත් පෞද්ගලික රොකට්ටුවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික ගගනගාමීන් පිරිසක් පමණක් රැගත් ලොව දෙවැනි අභ්‍යවකාශ යානයේ Rayyanah Barnawi නැමති එම කාන්තාව ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Axiom Mission 2 (Ax-2) නමැති එය දකුණු දිග ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Cape Canaveral හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.

මෙම මෙහෙයුමේ නියමුවා ලෙස John Shoffner කටයුතු කළ අතර නාසා ගගනගාමී Peggy Whitson එම මෙහෙයුමට අණදෙන්නා ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3q0H75J