ජනාධිපතිවරණයට අපි සූදානම් – ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරණයට අපි සූදානම් – ප්‍රසන්න රණතුංග

ඉදිරියේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම තම පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටට වැඩ කළ සහ වැඩ කළ හැකි අපේක්ෂකයෙකු යොමුකරන බවද ඔහු අනාගතයේදී ජනාධිපති ධුරයට පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවට ද අමාත්‍යවරයා තම විශ්වාසය පලකරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ගමේ ජනතාවට වඩාත්ම කිට්ටු පළාත් පාලන මන්ත්‍රීවරු වන අතර ගමේ ජනතාවට තමන්ගේ සේවය ලබා දීමට කටයුතු සිදු කරන ලෙසද පළාත් පාලන මන්ත්‍රීවරුන් හට අමාත්‍යවරයා එම අවස්ථාවේදී උපදෙස් ලබා දී තිබෙනවා.

COMMENTS